
විස්සයි – 20 තරඟය අතරතුර කසුන් රාජිත තැබූ ලෝක වාර්තාව
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විස්සයි – 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ප්‍රතිවාදී පිතිකරුවන්ට වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාදුන් පන්දු යවන්නා බවට කසුන් රාජිත පත්විය.
ඕස්ට්‍රේලියාව සමග අද පැවති විස්ස විස්ස ක්‍රිකට් තරගයේදී පන්දුවාර 04 කදී ලකුණු 75 ක් ප්‍රතිවාදීන්ට ලබාදීමත් සමග ඔහු මෙම වාර්තාවට හිමිකම් කීවේය.
තුර්කි ක්‍රිකට් කණ්ඩායමේ තුරහන් තුරාන් වසින් මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබූ අතර ඒ චෙක් ජනරජය සමග පැවති විස්සයි විස්ස තරගයකදී පන්දුවාර 04 ක් යොමු කළ ඔහු ප්‍රතිවාදීන්ට ලකුණු 70 ක් ලබාදීමෙන්.