TNA අවසන් තීරණය මේ මස අවසානයේ

TNA අවසන් තීරණය මේ මස අවසානයේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය  සහය ලබාදෙන අපේක්ෂකයා මේ මස 31 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.

අදාළ තීරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා වට පහක් පැවැත් වූ  බවත් ප්‍රධාන අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් කීප දෙනෙකු සමග සාකච්ඡා කළ බවත් එම සන්ධානය ප්‍රකාශ කරයි.

ඔවුන්ගේ ප්‍රතිචාරය දැක්වීමට කල් ඉල්ලීම නිසා දෙමළ ජාතික සන්ධානයේ තීරණයද මෙපමණ කාලයක් කල් ගිය බව ද ඔවුන් පැවසීය.

අදාළ දේශපාලන පක්ෂවල පිරිස් සමග සාකච්ඡා කිරීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානය උතුරේ සෙසු දෙමළ දේශපාලන පක්ෂ සමගද සාකච්ඡා කළ බව දෙමළ ජාතික සන්ධානය කියා සිටී.