රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (26) අලූයම කොහුවල – වලව්වත්ත පාර හන්දියේදී සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පැපිලියාන මාර්ගය හරහා පැමිණ ගම්සභා හන්දිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරෙන් බරපතල තුවාල ලබා යතුරුපැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මිය ගොස් ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 18 හැවිරිදි වියේ පසුවන පැපිලියාන සහ කොහුවල ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකි.