කේරළ ගංජා කිලෝ 78 ක් සමග සැකකරුවෙක් අල්ලයි

කේරළ ගංජා කිලෝ 78 ක් සමග සැකකරුවෙක් අල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යාපනය කන්කසන්තුරය මාර්ගයේ 14 කණුව ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 78 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

කන්කසන්තුරය කොට්ඨාශ රථවාහන අංශයේ නිළධාරින් දෙදෙනෙකු විසින් මෝටර් රථයක් නවතා කළ පරික්ෂාවකදී එම රථය තුල මෙම ගංජා තොගය සගවා තිබී ඇති අතර , සැකකරු කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක් පමණ වන අයෙක් බවයි පොලිසියි සදහන් කළේ.

සැකකරු අද මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.