පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට

පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2017 දෙසැම්බර් 06 වැනි දින සිට බලපැවැත්වුනු 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) වැනි වගන්තිය යටතේ ක්‍රියාකරමින් කිසිම නිෂ්පාදකයෙකු, ආනයනකරුවකු, අසුරන්නකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දකු විසින් පොල් ගෙඩියක් සඳහා නියම කරන ලද උපරිම සිල්ලර මිල වූ රු. 75 ට වඩා වැඩියෙන් වෙළෙඳාම් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළෙඳාම සඳහා ප්‍රදර්ශනය නොකළ යුතු බවට නියෝගය අහෝසි කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති, ආචාර්ය ලලිත් එන්. සෙනවීර ගේ අත්සනින් යුතුව මෙම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර ඊයේ (23) දින නිකුත් කරන ලද 2146/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි මේ බව සඳහන් කර තිබේ.

2019 ඔක්තෝබර් 23 දින සිට මෙම නියෝගය බලපැවැත්වෙන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.