අර්ජුන, සංගා ඇතුළු ක්‍රිකට් ජ්‍යෙෂ්ඨයන් ගැන නව තීරණයක්

අර්ජුන, සංගා ඇතුළු ක්‍රිකට් ජ්‍යෙෂ්ඨයන් ගැන නව තීරණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ නොමැකෙන සළකුණු තබා ඇති ක්‍රිකට් ක්‍රීඩකයන් කීප දෙනෙක්ට ගෞරව දැක්වීමක් වශයෙන් ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ කීපයක ප්‍රේක්ෂකාගාරයන් එම ක්‍රීඩකයන්ගේ නම් වලින් හැඳින්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් වන අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා සහ මහේල ජයවර්ධනගේ නමින් නම් කිරීමට තීරණය කර තිබේ.

මීට අමතරව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන්ගේ නමින් නම් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.