ජනපති මෛත්‍රී ජපානයට

ජනපති මෛත්‍රී ජපානයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජපානයෙන් ලද නිළ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තුන් දින නිල සංචාරයක් සඳහා අද (21) දිවයිනෙන් පිටත්ව ගියේය. 

ඒ , ජපානයේ අධිරාජ්‍යයා ලෙස පත් වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යය වෙනුවෙන් සහභාගි වීම සදහායි.

ජනාධිපතිවරයා ඇතුලු 21 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙම සංචාරය සඳහා පිටත්ව ගොස් තිබේ.

මෙම අභිෂේක මංගල්‍යය ටෝකියෝ හි ඉම්පීරියල් රජ මාළිගයේදී හෙට (22) දිනයේදී පැවැත්වෙනු ඇත.

ජපාන නව අධිරාජ්‍යාගේ අභිෂේක මංගල්‍යය සදහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ප්‍රබල රාජ්‍ය නායකයින් රැසක් සහභාගි වීමට නියමිතය.

ජපාන අධිරාජ්‍යයා විසින් පිරිනමන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද රාජ්‍ය නායකයින් එක්වීමට නියමිතයි.