ත්‍රස්තවාදීන් හට මරණ දඬුවම – සජිත්

ත්‍රස්තවාදීන් හට මරණ දඬුවම – සජිත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින්, ත්‍රස්තවාදී කටයුතුවල නිරත වන සියලු දෙනාට මරණ දඩුවම ලබා දෙන පනතක් තම පාලන කාලය තුල ගෙන එන බව ප්‍රකාශ කර සිටියේය.

ඊයේ (19) සවස අකුරණ නගරයේ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් සජිත් ප්‍රේමදාස මේ බව පවසා සිටියේය.

ත්‍රස්තවාදය තුරන් කිරීම යනු ආගම් විනාශ කිරීමක් නොවන අතර ශ්‍රී ලංකාව තුල ජාති ආගම් කුල මල පන්ති බේදවලින් තොරව කිසිම අවස්ථාවක කිසිම අයුරකින් ත්‍රස්තවාදයට ඉඩ නොතබන බව ඔහු අදහස් දැක්වුවේය.

තිස් වසරක යුද ශාපය ඉවත් කරපු විනාශ කාරි කොටි ත්‍රස්තවාදය විනාශ කළ සරත් ෆොන්සේකා හට රටේ ත්‍රස්තවාදී ක්‍රියාදාමයන් සහ මුලින්ම විනාශ කරන්නට තමා නිදහස ලබා දෙන බවට ප්‍රචාරක රැළියක් අමතමින් සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.