පකිස්තානු සංචාරයට සහභාගී නොවීම සතුටක් – මාලි [VIDEO]

පකිස්තානු සංචාරයට සහභාගී නොවීම සතුටක් – මාලි [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තමා පකිස්තානු සංචාරය සඳහා සහභාගී නොවීම හේතුවෙන් නවක ක්‍රීඩකයන් හට ඔවුන්ගේ දක්ෂතා පෙන්වීමට හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග පවසයි.

ලොව අංක එකේ ජයග්‍රාහී කණ්ඩායමක් වන නව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ ඕස්ට්‍රේලියානු සංචාරයට සහභාගී වීමට ලැබීම පිළිබඳව තමා බොහෝ සෙයින් සතුටු වන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යාමට පෙර අද (18) පැවති මාධ්‍ය හමුවේ දී ය.