ජේ. ශ්‍රී රංගා ඇතුළු 06 දෙනාට ඇප

ජේ. ශ්‍රී රංගා ඇතුළු 06 දෙනාට ඇප

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා, වවුනියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු 06 දෙනා ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ. 

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව මෙම පිරිස අත්අඩංගුවට පත්විය.

මෙම පිරිස අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප නියම කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කළේ.