රා ලීටර 83,000 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

රා ලීටර 83,000 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අලුත්ගම – කලුවාමෝදර ප්‍රදේශයේ දී නීති විරෝධීව පවත්වාගෙන ගිය රා ස්කාගාරයක් වටලා තිබේ. 

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර , මෙම ස්කාගාරයේ හිමිකරු වන සිංහාර සුදත් කුමාර සිල්වා නැමැත්තා ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම රා ස්කාගාරයේ තිබී ලීටර් 83,000 ක් ද පොලිස් විශේෂ කාර්ය බලකායේ බාරයට ගෙන තිබේ.

මෙම සැකකරු හා නඩු භාණ්ඩ අළුත්ගම සුරාබදු නිලධාරීන්ට බාර දීමට නියමිත අතර, මෙම රා කෘතිම රා දැයි පරීක්ෂා කිරිම සඳහා සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට ද නියමිතව ඇත.