කොටකෙතනේ ද්විත්ව ඝාතන සැකකරුට මරණීය දණ්ඩනය

කොටකෙතනේ ද්විත්ව ඝාතන සැකකරුට මරණීය දණ්ඩනය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –    කොටකෙතන ප්‍රදේශයේදී මවක හා දියණියක ඝාතනය සම්බන්ධයෙන් විභාග වූ නඩුවේ විත්තිකාර ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු නැමැති සැකකරුට කොළඹ ප්‍රධාන මහාධිකරණය මරණ දඩුවම නියම කළේය. 

මෙම සිද්ධියේදී ඇසින් දුටු සාක්ෂියක් නොමැතිව පරිවේශනීය සාක්ෂි මත ඉදිරියට ගෙන ගිය මෙම නඩුවේ චෝදනා නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මාලි කරුණානයක මහත්මිය විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර ඇති බව සඳහන් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සැකකරුට මරණ දඬුවම නියම කළේය.