මීළඟ ඉන්දීය ක්‍රිකට් නව සභාපතිත්වයට ගංගුලි

මීළඟ ඉන්දීය ක්‍රිකට් නව සභාපතිත්වයට ගංගුලි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළවරණය ලබන 23 වනදා පැවැත්වෙන අතර , ඒ සඳහා 47 හැවිරිදි හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සව්රව් ගංගුලි ද සභාපති ධුරය සඳහා අයදුම් කර තිබේ.

ඉන්දීය මාධ්‍ය සදහන් කරන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මීළඟ සභාපතිවරයා ලෙස හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සව්රව් ගංගුලි නිතරඟයෙන් පත්වනු ඇති බවයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළවරණයට නාම යෝජනා භාරදීමේ අවසන් දිනය වන්නේ අදයි.

ඔහු දැනට බෙංගාල ක්‍රිකට් සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.