සිම්බාබ්වේට සහ නේපාලයට ICC යෙන් ලැබුණු තීරණය

සිම්බාබ්වේට සහ නේපාලයට ICC යෙන් ලැබුණු තීරණය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

සිම්බාබ්වේට සහ නේපාලයට නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය ලබාදීමට අද තීරණය කර ඇත. 

ඒ අද (14) පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විධායක කමිටු රැස්වීමේදීයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රෙගුලාසීවලට අනුකූලව නේපාල සහ සිම්බාබ්වේ ක්‍රිකට් ආයතන පවත්වාගෙන නොයෑම හේතුවෙන් මීට පෙර ඔවුන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ  සාමජිකත්වය අහෝසි කෙරුණි.

නේපාලයේ සමාජිකත්වය 2016 වසරේ අහෝසි කෙරුණු අතර සිම්බාබ්වේ සාමජිකත්වය අහෝසි කෙරුණේ 2019 එනම් මේ වසරේදීයි.

කෙසේ වෙතත් එම කණ්ඩායම් දෙකටම නැවත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සාමජිකත්වය හිමිවීමත් සමඟ ඔවුන්ට අයි.සී.සීය සංවිධාන කරන තරගාවලි සඳහා නැවත සහභාගී වීමේ අවස්ථාව ඒ අනුව හිමිවනු ඇත.

CATEGORIES