දශක 6කට පසුව ඇතිවූ දරුණු සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

දශක 6කට පසුව ඇතිවූ දරුණු සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජපානයට බලපා ඇති දරුණු හජිබිස් සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් ජීවිත හානි පහක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 

තවත් 90 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර , 11 දෙනෙකු පමණ අතුරුදන්ව සිටින බවටයි වාර්තා වන්නේ.

දශක 06 කට පසු ජපානයට බලපෑ දරුණුතම සුළි කුණාටුව හජිබිස් හේතුවෙන් ටෝකියෝ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී ඇත.

එහි බලපෑමෙන් නිවාස 270,000 කට වැඩි සංඛ්‍යාවකට විදුලිය නොමැති බව NHK පුවත් සේවය වාර්තා කරයි.

දැඩි ගංවතුර සහ නායයෑම් අනතුරු ඇඟවීම්, හේතුවෙන් මිලියන හතකට අධික ජනතාවකට සිය නිවෙස්වලින් ඉවත් වීමට ජපාන උපදෙස් ලබාදී ඇත.

ඉදිරියේදී තෝකියෝ ප්‍රදේශයට තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවට ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවයි.

අධිවේගී දුම්රිය සේවා රැසක් ද ගුවන් ගමන් වාර දහසකට අධික සංඛ්‍යාවක් ද නවතා දමා ඇති අතර, තෝකියෝ උමං දුම්රිය සේවයේ මාර්ග කිහිපයකම ගමනාගමනය අත්හිටුවා ඇති බව සඳහන්ය.

සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබූ රග්බි ලෝක කුසලාන ක්‍රීඩා දෙකක් ආරක්ෂක හේතු මත අවලංගු කර තිබේ.

රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ මෙලෙස තරග අවලංගු කිරීමක් සිදුව ඇත්තේ 32 වසරක ඉතිහාසයේ පළමු වරට බව විදෙස් වාර්තා සඳහන් කළේය.