එල්.ටී.ටී.ඊ. යට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අල්ලයි

එල්.ටී.ටී.ඊ. යට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී ගිණි අවියක් සහ පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් ඇතුලු සැක සහිත භාණ්ඩ තොගයක් සොයාගෙන තිබේ. 

සේරුනුවර යුද හමුදා කඳවුරේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ නිවසේ තිබී මෙම ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර , සේරුනුවර පොලිස් නිළධාරින්ගේද සහය ඇතිව මෙම වැටලීම සිදුකර ඇත.

මෙහිදී අත්බෝම්බ කිහිපයක් , ටී 56 සජීව පතොරම් 154ක් , ජංගම දුරකථන 04 ක් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ ඡායාරූප සහිත ටී ෂර්ට් 04 ක්ද හමුවූ බව පොලිසිය සඳහන් කළේය.

මෙම වැටටීමේදී සැකකරුගේ බිරිඳ සහ ඇයගේ සහෝදරියද අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

වැඩිදුර විමර්ශන සඳහා මෙම පිරිස ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය වෙත භාර දීමට නියමිතව ඇත.