වැලිමඩදී එකම පවුලේ තිදෙනෙක් මරුට

වැලිමඩදී එකම පවුලේ තිදෙනෙක් මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඊයේ රාත්‍රියේ ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ වැලිමඩ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල අසළ පිහිටි තාවකාලික නිවසක් මතට ගසක් කඩාවැටී එහි සිටි තරුණියක් සහ පිරිමි ළමයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. 

මෙම අනතුරින් 18 හැවිරිදි තරුණියත් , 14 හැවිරිදි සහ 10 හැවිරිදි පිරිමි ළමයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු වැලිමඩ රෝහලේ මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබයි.