ඇල්පිටියේ කාන්තා නියෝජිතයින් නම් කිරීම උපදෙස් මාලාවකින් පසුව

ඇල්පිටියේ කාන්තා නියෝජිතයින් නම් කිරීම උපදෙස් මාලාවකින් පසුව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කාන්තා නියෝජිතයින් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් ලැබුණු පසු සභිකයින්ගේ නම් ගැසට් කිරීම සිදුකරන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ ප්‍රකාශ කර සිටී. 


ඊයේ දිනයේ පැවැත්වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් කොට්ඨාශ 17 ම විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10,113 ක් ලබා ගත් අතර, ඔවුන් ලබාගත් ආසන සංඛ්‍යාව 07 ක්.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 5273 ක් ලබාගෙන මන්ත්‍රී ධුර 03 ක් හිමිකර ගැනීමට සමත් විය.

ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ධුර 2 ක්  හිමිකර ගත්තේ සමස්ත ඡන්ද 2435 ක් ලබා ගනිමින්.

CATEGORIES