හැගිබිස් සුළි කුණාටුව නිසා ගුවන් ගමන් ප්‍රමාද වේ

හැගිබිස් සුළි කුණාටුව නිසා ගුවන් ගමන් ප්‍රමාද වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජපානයට බලපා ඇති හැගිබිස් සුළි කුණාටුව නිසා එරට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් පැය 7 කින් පමණ ප්‍රමාද කර ඇති බව එම ගුවන් සේවය නිවේදනය කර සිටියි.

ජපානයට එම සුළි කුණාටුව අද(12) පස්වරුවේ ඇතුළු විය හැකි බවට විදෙස් මාධ්‍ය වල වාර්තා කරයි.

හෙට(13) අලූයම 2.15 දක්වා අද රාත්‍රී 7.15ට ජපානයේ – නරීටා බලා පිටත්වීමට තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 460 යානය ප්‍රමාද කෙරෙන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය දැනුම් දී තිබේ.

0117 77 19 79 අංකයෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැන ගත හැකි බව එම ගුවන් සේවය වැඩිදුරටත් නිවේදනය කරයි.

CATEGORIES

COMMENTS

Wordpress (0)