කාසල්රි සහ විමලසුරේන්ද්‍ර වාන් දමයි

කාසල්රි සහ විමලසුරේන්ද්‍ර වාන් දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රදේශ කීපයකට පවතින වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශය සහ විමලසුරේන්ද්‍ර ජලාශ අද (12) අලුයම සිට වාන් දැමීම ආරම්භ කර තිබේ. 

එම ජලාශ දෙක වාන් දැමීම හේතුවෙන් කැළණි ගගේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති අතර , මාවුස්සාකැලේ ජලාශය පිටාර ගැලීමේ ආසන්න මට්ටමට පැමිණ ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර අද පස්වරු කාලයේදීත් ප්‍රදේශ රැසකට මිලීමීටර 75ත් 100ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

CATEGORIES