
බත්තරමුල්ලේ අලෙවිසැලක ගින්නක්
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ(11) රාත්‍රියේ බත්තරමුල්ල නගරයේ පිහිටි රෙදිපිළි සහ භාණ්ඩ අලෙවිසැලක හට ගත් ගින්නකින් එම වෙළදසැලට දැඩි අලාභ හානි සිදුව තිබේ.
අද(12) අලූයම 5 වන තෙක් ගින්න පැවති බව කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේය.
කොළඹ සහ කෝට්ටේ මහනගර සභාවල ගිනි නිවීමේ රථ 7ක් යොදා මෙම ගින්න පාලනය කර තිබිණි.