ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇරඹෙයි

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇරඹෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එළඹෙන ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම පොලිස් ආරක්ෂාව යටතේ ආරම්භ කර තිබේ. 

ජනපති අපේක්ෂකයන් 35 දෙනාගේ නම් අකාරාදි පිළිවෙලට සකස් කර මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලය වෙත ලබාදීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව නිල ඡන්ද පත්‍රිකා එක්කෝටි හැට ලක්ෂයක් පමණ මුද්‍රණය කරනු ඇති බව මැතිවරණ කොමිසන් සභාවේ ප්‍රකාශකයෙකු
පැවසීය.

නිල ඡන්ද පත්‍රිකාව අඟල් 26 ක් දිගින් යුක්ත අතර, එය ජනාධිපතිවරණ ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව බවටයි සැළකෙන්නේ.