මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සතුන් ටික [PHOTOS]

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සතුන් ටික [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ට ඔවුන්ට අවශ්‍ය ආකාරයේ ලකුණක් තෝරාගැනීමට හැකිවන පරිදි මැතිවරණ කාර්යාලයෙන් ලකුණු 167ක් අපේක්ෂකයින්ට ලබාදී තිබේ.

මෙම සලකුණුවලින් මේ වන විටත් පොහොට්ටුව , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් යුතුව පිහිටුවන සන්ධානයේ ලකුණ වන හංසයාගෙන් එම පක්ෂයේ අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතා විසින් ද තෝරාගෙන තිබෙන අතර, ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් පිහිටුවනු ලබන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක ලකුණ වශයෙන් මාලිමාව ලකුණ තෝරාගැනීමට අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබෙන බවට මාධ්‍ය වාර්තා කරයි.

මෙයට අමතරව තවත් නොයෙකුත් සත්ව ලාංඡන මැතිවරණ කොමිසම විසින් ලබාදී තිබෙන අතර එයට රාජාලියා, මුවා, අලියා, සමනළයා සහ මොණරා යන ලකුණු ලබාදී තිබෙන බවට මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කරනු ලැබූ වාර්තාවකින් එලි දක්වා තිබේ.

අදාළ සලකුණු පහතින් දැකගත හැකි වනු ඇත…..