ඌව පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ඌව පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඌව පළාත් සභාවේ නිල කාලය අද (08) මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වන අතර , ඊට අදාළ ගැසට් නිවේදනය ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් ඊයේ (07) දිනයේ නිකුත් කර තිබේ. 

දිවයිනේ අනෙක් සියලු පළාත් සභාවල නිල කාලය මීට පෙර අවසන් වී තිබු අතර අදින් පසු ඌව පළාත් සභාවේ ද නිල කාලය අවසන් වේ. ඉන්පසුව පළාත් සභාවේ බලය ආණ්ඩුකාරවරයාට හිමිවනු ඇත.