![සජිත්ගේ ඡන්ද ප්‍රචාරන වැඩ පිළිවෙල [AUDIO] සජිත්ගේ ඡන්ද ප්‍රචාරන වැඩ පිළිවෙල [AUDIO]](https://www.fastnews.lk/wp-content/uploads/2019/10/SAJITH-PRAMADASA.png)
සජිත්ගේ ඡන්ද ප්‍රචාරන වැඩ පිළිවෙල [AUDIO]
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්රචාරක වැඩපිළිවෙල අනිද්දා(10) කොළඹ ගෝල්ෆේස් පිටියෙන් ආරම්භ වීමට නියමිතයි.
ගෝල්ෆේස් රැළියෙන් ආරම්භ වන ප්රචාරක වැඩසටහන ලංකාව පුරා රැස්වීම් 150 පැවැත්වීමට බලාපොරොත්තු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය.
කොට්ඨාශ මට්ටමේ මැතිවරණ ප්රචාරක රැළි 13 වනදා ආරම්භ වීමට නියමිත බවත් එත් සමඟම බිම් මට්ටමේ වැඩ පිළිවෙලවල් ගණනාවක් සහ ප්‍රාදේශීය මට්ටමින්,ගම් මට්ටමින් රැස්වීම් සහ ප්රචාරක රැළි මෙම කෙටි කාලය තුල සංවිධානය කිරීමට සැළසුම් කර තිබේ.
එක්සත් ජාතික පෙරමුණ වශයෙන් පෙරමුණේ ඇති සියලුම පක්ෂ සමඟ ඒකාබද්ධව ඔහුන්ගේ ප්රචාරක කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.
තවත් බොහෝ කණ්ඩායම් එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වීමට කැමැත්ත පළ කර ඇති අතර ඒ පිළිබඳව මේ වන විට සාකච්ඡා පවත්වාගෙන යන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.