
පාර්ලිමේන්තු කාරක සභාව අද රැස්වෙයි
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (08) පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිතයි.
මීට අමතරව , රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කොප් කමිටුව අද පාර්ලිමේන්තුවේදී රැස්වනවා.