මෙවර ජනපතිවරණයේ පෙර කිසිදා නොවූ දෙයක් සිදු වනවා – මහින්ද දේශප්‍රිය [VIDEO]

මෙවර ජනපතිවරණයේ පෙර කිසිදා නොවූ දෙයක් සිදු වනවා – මහින්ද දේශප්‍රිය [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වත්මන් ජනාධිපති , අග්‍රමාත්‍ය , විපක්ෂනායක හෝ හිටපු විපක්ෂනායක වරුන්ගෙන් කිසිවෙකුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන පළමු ජනාධිපතිවරණය මෙය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

මේ බව ප්‍රකාශ කර සිටියේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේ අද(04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඉදිරි ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු ඇතුළුව කරුණු රාශියක් පිළිබඳව මෙහිදී අවධානය යොමු වී තිබිණි.

ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 450 කට අධික මුදලක් වැය වනු ඇති බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු කියා සිටියේ මේ වනවිට ජනාධිපතිවරණයට ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයින් 23 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

එය ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා ඇප මුදල් තැන්පත් කළ වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාව බවද සම්පුර්ණ අපේක්ෂකයින් සංඛ්‍යාව 25 ඉක්මවන බවට බලාපොරොත්තු වන බව මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.