රනිල් වික්‍රමසිංහ තවදුරටත් එජාප නායකත්වයේ [VIDEO]

රනිල් වික්‍රමසිංහ තවදුරටත් එජාප නායකත්වයේ [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදි මේ වනවිට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනයේදි පක්ෂයේ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා වන බවට යෝජනාවක් ස්ථිර කර ගනු ලැබුවේය.

එම යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත වූ අතර තවත් යෝජනා කිහිපයක්ද මෙහිදි ස්ථිර විය.

මෙහිදී පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපති අපේක්ෂකත්වය සම්මත කර ගැනීමට නියමිතව ඇත.

විධායක ජනපතිධුරය අහෝසි කිරීම ඇතුළුව කරගෙන ආ ව්‍යවස්ථා කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යෑමට අදාළ යෝජනාවක්ද සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපති අපේක්ෂකත්වය සම්මත කර ගැනීම ද මෙහිදී සිදු කෙරිණි.