ශ්‍රීලනිපය අපිත් සමඟයි – එජාපය බලාපොරොත්තු අත් හරී [AUDIO]

ශ්‍රීලනිපය අපිත් සමඟයි – එජාපය බලාපොරොත්තු අත් හරී [AUDIO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දැනට අභියාචනාධිකරණයේ සිදුවෙමින් පවතින ගෝඨාභය රාජපක්ෂ නඩුව හේතුකොටගෙන පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ වන විට අවිනිශ්චිත වාතාවරණයක් පවතී.

අධිකරණය ස්වාධීන තීරණයක් ගතහොත් දෙවනියෙක් පිළිබඳව සිතීමට කිසිසේත් අවශ්‍ය නොවන බව ඊයේ(04) පස්වරුවේ පැපිලියාන ශ්‍රී සුනේත්‍රා දේවී පිරිවෙනේ පැවති ආගමික වැඩසටහනකට සහභාගී වෙමින් මහින්ද රාජපක්ෂ අදහස් ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රීලනිප තමන් සමඟ එකතු වන බවට පුර්ණ විශ්වාසය ඇති අතර සජිත් ප්‍රේමදාස ද පෙරේදා (01) දින ඔවුන් සමඟ සාකච්චා පැවැත්වුවද ඔහුට බලාපොරොත්තු තබා නොගන්නා ලෙසට ඔවුන් පවසා ඇති බවත් එජාපයට නැවත ජනාධිපතිවරණයකට ගොස් වැඩ කිරීමට නොහැකි බව විපක්ෂ නායක වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී තවදුරත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පොහොට්ටුව ලාංඡනය වෙනස් කර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් වුවහොත් එමඟින් නීතිමය බාධා එල්ල විය හැකි බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කර ඇති ඉල්ලීම සැලකිල්ලට ගෙන පොහොට්ටුව ලාංඡනය වෙනස් කිරීම සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ගැනීමට බලාපොරොත්තු වන බවද මහින්ද රාජපක්ෂ සඳහන් කළේය.