(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්ථාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම හිටපු නායක ෂාහිඩ් අෆ්රිඩි ලසිත් මාලිංග වෙත තමන්ගේ ට්විටර් ගිණුම හරහා සුභ පැතුම් එක්කර ඇත.
ඒ අද පැවැත්වෙන සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන විස්සයි විස්ස තරඟයේ දී කඩුලු 100 ක් දවාගත් ප්‍රථම ක්‍රීඩකයා බවට පත්වීමට හැකියාව ලැබෙන ලෙසටයි.
ලසිත් මාලිංග 20 – 20 ජාත්‍යන්තර තරග 74 කදී මේ වන විට විකට් 99 ක් ලබාගෙන ඇති අතර , පාකිස්ථාන හිටපු නායක ෂාහිඩ් අෆ්රිඩි තරග 99 කදී විකට් 98 ක් ලබාගැනීමට සමත්විය.
අද පැවැත්වෙන තරගයේදී ලසිත් මාලිංග එක් විකට් එක්ක ගැනීමට සමත් වුවහොත් 20 – 20 ජාත්‍යන්තර තරගයන් වලදී කඩුලු 100 ක් දවාගත් ප්‍රථම ක්‍රීඩකයා බවට ඔහු පත්වෙයි.
මේ වන විට ටෙස්ට් , එක්දින ජාත්‍යන්තර කරග සියල්ලන්ගෙම වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වීම ද විශේෂත්වයක්.
මාලිංග පසුගියදා සදහන් කර සිටියේ 20 – 20 ලෝක කුසලානය දක්වා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි.









