කොළඹ රාත්‍රී සමාජශාලා ආශ්‍රිතව විශේෂ වැටලීමක්..

කොළඹ රාත්‍රී සමාජශාලා ආශ්‍රිතව විශේෂ වැටලීමක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රිය අනතුරු වැළැක්වීමේ අරමුණින් තවත් පියවරක් ලෙස කොළඹ නගරයේ රාත්‍රී සමාජශාලා ආශ්‍රිත ප්‍රදේශවල අද (11) සිට අඛණ්ඩ රථ වාහන සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව රථවාහන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
රාත්‍රී සමාජශාලා ආශ්‍රිත ප්‍රදේශවල ඩිෆෙන්ඩර් සංස්කෘතියත් සමඟ මතුව ඇති බීමතින් රිය පැදවීමේ කලාවට තිත තැබීමක් ලෙස පොලිසිය මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඉදිරියේදී රථවාහන වැරදිවලට සම්බන්ධ නීති තවත් දැඩි කරන බවත් , බීමතින් රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ද සිදුකරන මෙහෙයුම් වැඩිකර තිබෙන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.