වසන්ත කරන්නාගොඩ අද (11) CID ය හමුවට…

වසන්ත කරන්නාගොඩ අද (11) CID ය හමුවට…


(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත. 
ඒ , 2008 – 2009 කාල වකවානුවේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 07 වනදා තහනම් නියෝගයක්ද නිකුත් කළේය.