FAST NEWS

24×7 Around the Globe

නාලක ද සිල්වා මාර්තු 06 දක්වා රිමාන්ඩ් – ඉන්දීය ජාතිකයා මුදා හරියි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ)හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මාර්තු මස 06 වනදා දක්වා අද (27) යලිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබීය.
‍ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව මොහුව අත්අඩංගුවට ගනු ලැබීය.
කොටුව වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතිඥ ජයන්ත ඩයස් නානායක්කාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළ අතර, මෙම සිද්ධියට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දීය ජාතිකයා මුදා හැරීමට එහිදී ඔහු නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ විමර්ශණවලට අනුව මොහුට විරුද්ධව පියවර නොගන්නා බවයි.