FAST NEWS

24×7 Around the Globe

ලෝකයේ ලාබාලතම ගවේෂණාත්මක පරිසර ග‍්‍රන්ථ කතෘවරයා ලංකාවෙන්…

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ලෝකයේ ලාබාලතම ගවේෂණාත්මක පරිසර ග‍්‍රන්ථ කතෘවරයා ලෙස ගූගල් ආයතනය විසින් ශ‍්‍රී ලාංකික සිසුවකු නම් කර තිබේ.
ඉසුරු අරුණෝද නාකන්දල නම් තවමත් 08 හැවිරිදි වියේ පසුවන මෙම කුඩා දරුවා වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ 04 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
ඔහු විසින් ‘‘හොරගොල්ල ජාතික වනෝද්‍යානය’’ නමින් රචනා කරන ලද කෘතියක ඉංග‍්‍රීසි පිටපතක් ගූගල් ආයතනය විසින් අන්තර්ජාලය තුළ පළ කිරීමට කටයුතු කර ඇත.
මීට පෙර ගූගල් ආයතනය විසින් අන්තර්ජාලයේ පළ කර ඇති ගවේෂණාත්මක පරිසර ග‍්‍රන්ථය රචනා කර තිබී ඇත්තේ වයස අවුරුදු 09 ක් වූ අමෙරිකානු ජාතික සිසුවියක්.