චීනයේ රසායනික කම්හලක පිපිරීමකින් 23 ක් මරුට….

චීනයේ රසායනික කම්හලක පිපිරීමකින් 23 ක් මරුට….

උතුරු දිග චීනයේ නෙචෙයි ප්‍රාන්තයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 23 දෙනෙකු මියගොස් තවත් 20 ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කරයි.
මෙම අනතුර සිදුව ඇත්තෙ රසායනික කම්හලට රසයානික ද්‍රව්‍ය රැගෙන පැමිණි වාහනයක් පිපිරීමෙන්ය.
මෙම විශාල පිපිරීමත් සමග රසායනික කම්හලේ සහ අවට ගොඩනැගිලි මෙන්ම නවතා තිබූ වාහන රැසකටද අලාභහානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.