විදේශ රටවල මුදල් ලංකාවට ගෙන්වා ගැනීමට සහන පැකේජයක්….

විදේශ රටවල මුදල් ලංකාවට ගෙන්වා ගැනීමට සහන පැකේජයක්….

ලංකාවේ ව්‍යාපාරික කටයුතු සිදුකරන ව්‍යාපාරිකයන් විසින් විදේශ රටවල රඳවා තිබෙන මුදල් මෙරටට ගෙන්වා ගැනීමට “ආයෝජන ප‍්‍රවර්ධන බදු විමුක්ති පැකේජය” නමින් සහන පැකේජයක් හඳුන්වාදෙන බව ආයෝජන ප‍්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (25) අගමැති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේය.
අදාළ මුදල්, මුදල් අමාත්‍යංශය විසින් අනුමත කරන ව්‍යාපති සඳහා ආයෝජනය කිරීමට අවස්ථාව සළසා දෙන බවත් එලෙස ආයෝජනය කරනු ලබන මුදල් සඳහා අතීතයට බලපාන ආකාරයට බදු පැනවීමක් සිදු නොකරන බවත් අනාගතය සඳහා වසර 05 ක කාලයක් බදු සහනයක් ලබාදෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
මේ හේතුවෙන් වසර 02 ක කාලයක් ඇතුළත දී ඇමරිකානු ඩොලර් බිලියන 8 – 10 ත් අතර මුදලක් මෙරටට ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.