සංක්‍රමණිකයන් වැළැක්වීමට ට්‍රම්ප් 5200ක හමුදා බල ඇණියක් යොදවයි…

සංක්‍රමණිකයන් වැළැක්වීමට ට්‍රම්ප් 5200ක හමුදා බල ඇණියක් යොදවයි…

මධ්‍යම ඇමරිකාවේ සිට එක්සත් ජනපදය වෙත පැමිණෙන සංක්‍රමණිකයන් වළක්වාලීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝ දේශසීමාව වෙත 5200 ක අමතර හමුදා බල ඇණියක් යැවීමට පියවර ගෙන ඇත.
මෙම හමුදා පිරිස සිරියාවේ අයි.එස්. සන්නද්ධ කණ්ඩායම් සමඟ සටන් වැදීමට යොදවා ඇති ඇමරිකානු හමුදා භට පිරිස මෙන් දෙගුණයක් බවත් වාර්තා වෙයි.
නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ මෙම පැමිණීම එක්සත් ජනපදය ආක්‍රමණය කිරීමේ පියවරක් ලෙසට ජනපති ට්‍රම්ප් සදහන් කර ඇත.