ඊෂා අම්බානිගේ සුපිරි විවාහයට බියොන්සේ ඉන්දියාවට එයි…

ඊෂා අම්බානිගේ සුපිරි විවාහයට බියොන්සේ ඉන්දියාවට එයි…

මේ වනවිට ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අතර ඉදිරියෙන්ම සිටින ඉන්දියාවේ මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහ ගිවිස ගැනීම පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ අතර ඇයගේ විවාහය ද දෙසැම්බර් මාසයේදී අත්උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කරන බව මුකේෂ් අම්බානිගේ පවුලේ උදවිය සදහන් කර ඇත.
මේ විවාහ උත්සවය සදහා කලා කරුවන්, ක්‍රීඩා තරු මෙන්ම දේශපාලනඥයින් බොහෝ පිරිසක් ද සහභාගි වෙන බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටියි.
ඊෂා අම්බානිගේ විවාහය මේ වසරේ ඉන්දියාවේ පැවැත්වෙන සුපිරිතම විවාහය බවත් සදහන් කරයි.
ඒ වගේම ලෝකප්‍රකට අතිශය ජනප්‍රිය ඇමෙරිකානු පොප් ගායිකාවක් වන බියොන්සේ නොවැල්ස්ද මෙහිදී ගීත ගායනා කිරීම සදහා එක්වීමට නියමිතව ඇත.