රියදුරු පුහුණුව සදහා යොදාගන්න වාහන වලට ලබන වසරේ සිට නීතිය දැඩි වෙයි..

රියදුරු පුහුණුව සදහා යොදාගන්න වාහන වලට ලබන වසරේ සිට නීතිය දැඩි වෙයි..

රියදුරු පාසල්වල පුහුණුව සදහා යොදාගන්නා නියමිත ප‍්‍රමිතියට නොමැති වාහන සම්බන්ධයෙන් 2019 වසරේ සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මෙම ක්‍රියාමාර්ග ගැනීම සදහා පොලිස් නිලධාරීන්ගේ සහාය ලබාගන්නා බවත් වාර්තා වෙයි.
දිවයින පුරා පිහිටා ඇති සියළු රියදුරු පාසල් සහ ඊට යොදාගන්නා වාහන ලබන මාසයේ සිට පරීක්‍ෂාවකට ලක් කිරීමට නියමිත අතර එහිදී ස්ටිකරයක් ඇලවීමට ද නියමිතව ඇත.
මේ අනුව ලබන වසරේ සිට එම ස්ටිකරය නොමැති වාහන රියදුරු පුහුණු සදහා යොදා ගැනීම් තහනම් වන අතර එවැනි වාහන සොයා වැටලීම් සිදු කිරීමටද සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.