ජැකලීන්ගේ තහනමට ලක්ව තිබූ According To Matthew එළැඹෙන නොවැම්බරයේ…
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණය කළ තහනමට ලක්ව තිබූ According To Matthew ඉංග්‍රීසි චිත්‍රපටය එළැඹෙන නොවැම්බර් මාසයේදී ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා රූපරාජිණියක් ලෙස තේරී පත්වී මේ වනවිට බොලිවුඩයේ සුපිරි තරුවක් බවට අතිශය ජනප්‍රියව සිටින සුරූපී නිළි ජැකලින් ෆර්නැන්ඩෙස් මෙහි ප්‍රධාන චරිතය සදහා පන පොවනු ලබයි.
ජැකලින් ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයෙකු යටතේ නිර්මාණය වූ චිත්‍රපටයක් සඳහා දායකත්වය ලබාදුන් පළමු අවස්ථාවද මෙය වෙයි.
2017 වසරේදී රූපගත කළ මෙම චිත්‍රපටය එම වසරේදීම තිරගත කරන්නට සැලසුම්කර තිබූ නමුත් යම්කිසි හේතුවන් මත තහනමට ලක්කර තිබුණි.
පසුගිය දිනක According To Matthew චිත්‍රපටයේ ප්රචාරක පටය you tube වෙත එක් කර තිබුණ අතර මේ වනවිටත් මිලියන 03 කට වඩා වැඩි පිරිසක් මෙම වීඩියෝව නරඹා ඇත.


