මැලේරියා යළිත් හිස ඔසවයි…

මැලේරියා යළිත් හිස ඔසවයි…

වසර 02 කට පෙර මෙරටින් තුරන් කළ මැලේරියා රෝගය යළි සම්ප්‍රේෂණය වීමේ අවදානමක් මතුව ඇති බව මැලේරියා මර්දන ව්‍යාපාරය පෙන්වා දෙයි.
මෙරටට පැමිණෙන සංක්‍රමණිකයන් මගින් මෙම රෝගය පැතිරයාමේ අවදානමක් උද්ගතව ඇති බව එම ව්‍යාපාරය සදහන් කරන අතර ඔවුන් මේ බව කියා සිටියේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අනුරාධපුරයේදී ඊයේ (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමනි.
මෙම රෝගය ඉන්දියාව ඇතුළු ආසියානු , අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවල ව්‍යාප්තව පවතින අතර එම රටවල සිට පැමිණෙන සංක්‍රමණිකයන්ගෙන් මෙලෙස රෝගය පැතිර යා හැකි බව ඔවුන් පෙන්වා දෙයි.