රන් පදක්කමක සිහිනයක් කරා පියනගන “උදුම්බරා”…

රන් පදක්කමක සිහිනයක් කරා පියනගන “උදුම්බරා”…

තම රටට රන් පදක්කමක් දිනාදීම තම සිහිනයක් කරගත් මැදි වයසේ පසුවන ආනන්ද නම්වූ පුද්ගලයෙක් වටා සහ ඉතාමත් ක්‍රියාශීලී ධාවනයට දක්‍ෂ ගැහැනු ළමයෙකු වටා ගෙතුණු “උදුම්බරා” නම් වූ සිනමා දිගහැරුම ලබන 25 වැනිදා සිට ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබේ.
එම්.ටී.වී. චැනල් පෞද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කරනු ලැබූ කේ.එස්. චමන්ත්රාජ් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා විසින් රගදක්වනු ලබයි.
විවිධ හේතූන් නිසා කඩාවැටුණු ආනන්දගේ ජීවිතයට නව පනක් ගෙන එන්නේ උදුම්බරායි. ඇය විසින් කඩාවැටුණු ආනන්දගේ ජීවිතයට අලුත් ආරම්භයක් ලබා දෙමින් ඔහුට ජීවත් වීමට හේතුවක් බවට පත්වේ.
එතැන් පටන් ඔහු තම රටට රන් පදක්කමක් ලබා ගැනීමේ සිහිනය වෙනුවෙන් උදුම්බරාව පුහුණු කිරීමේ වගකීම භාර ගනී.

2018-10-19-ent-90

2018-10-19-ent-85

2018-10-19-ent-88

2018-10-19-ent-89

2018-10-19-ent-86