ඇමරිකාව සහ මෙක්සිකෝව අතර දේශසීමාව වසා දමන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්..

ඇමරිකාව සහ මෙක්සිකෝව අතර දේශසීමාව වසා දමන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්..

ඇමරිකාව සහ මෙක්සිකෝව අතර පවතින දේශසීමාව සම්පූර්ණයෙන් වසා දැමීම සදහා හමුදාව යොදවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අගවයි.
ජනාධිපතිවරයා මේ බව සදහන්කර ඇත්තේ එල් සැල්වදෝරය හොන්ඩුරාස් සහ ගුවාතමාලාවේ සිට 3000 කට අධික සරණාගතයන් පිරිසක් මේ වන විට ඇමරිකාවට පැමිණෙමින් සිටින බවට තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුවයි.
එම රටවලට ලබා දෙන ඇමරිකානු ආධාර අත්හිටුවන බවටද ඇමරිකානු ජනපතිවරයා ප්‍රකාශ කරයි.