ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියාත් සෞදි ආර්ථික සමුළුව වර්ජනයි කරයි…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියාත් සෞදි ආර්ථික සමුළුව වර්ජනයි කරයි…

සෞදි අරාබියේ පැවැත්වීමට නියමිත ව්‍යාපාරික සමුවවට සහභාගී නොවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිෂ්ටීන් ලගාඩේ තීරණය කර ඇති අතර ලොව ප්‍රබලම ආයතන කීපයක් වන ඇමරිකාවේ ගූගල් , ඌබර් , වායාකොම් සහ ෆෝට් යන සමාගම් ද මෙම සමුළුව වර්ජනය කර ඇත.
සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් එය සංවිධානය කර තිබේ.
එම ව්‍යාපාරික සමුළුව මඟින් ඉදිරියේ සෞදි අරාබියේ ඇති කළ හැකි ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ලොව පුරා ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින් හා ආයෝජකයින් දැනුම්වත් කිරීමට නියමිතව තිබිණි.
පසුගිය ඔක්තොම්බර් 02 දා සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වූ සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සෞදි රජය දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇත.