ක්‍රිමියාවේ පාසලක සිදුකළ වෙඩි තැබීමකින් පාසල් සිසුන් 19 ක් ජීවිතක්ෂයට..

ක්‍රිමියාවේ පාසලක සිදුකළ වෙඩි තැබීමකින් පාසල් සිසුන් 19 ක් ජීවිතක්ෂයට..

ක්‍රිමියාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ක්‍රිමියාව රුසියානු රජයට යටත්ව පවතියි.
අදාළ පාසලේම සිටින සිසුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණය වී ඇත.
පසුව වෙඩි තැබීම සිදුකළ සිසුවා විසින්ම ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.