කුළුදුල් දරුවා අපේක්ෂාවෙන් සිටින රාජකීය යුවලට වෛද්‍යවරු අනතුරු අගවයි..

කුළුදුල් දරුවා අපේක්ෂාවෙන් සිටින රාජකීය යුවලට වෛද්‍යවරු අනතුරු අගවයි..

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මෙගන් මර්කල් කුමරිය මේ වන විට තම කුළුදුල් දරුවා අපේක්ෂාවෙන් සිටින අතර කුමරියගේ ගර්භනීභාවය ඊයේ (15) ප්‍රථම වතාවට නිල වශයෙන් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.
මෙගන් මර්කල් නොහොත් සසෙක්ස් හි ආදිපාදවරිය ලබන වසරේ වසන්ත සමයේදී සිය ප්‍රථම දරුවා බිහි කිරීමට නියමිත බවත් එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.
මේ දිනවල හැරී කුමරු සහ මේගන් මර්කල් කුමරිය ඔවුන්ගේ ප්‍රථම නිල විදෙස් සංචාරයට එක්ව සිටින අතර ඔවුන්ට ෆීජී සහ ටොංගා රාජ්‍යවල සංචාරය නොකරන ලෙස වෛද්‍යවරුන් අනතුරු අගවා තිබේ.
මෙයට හේතුව වී ඇත්තේ සීකා වෛරසය මෙම රටවල පැතිර යාමයි. රෝග මර්දන මධ්‍යස්ථානය පෙන්වා දී ඇත්තේ ගර්භනී කාන්තාවන් මෙම රටවල සංචාරය කිරීම අනතුරුදායක වන බවයි.
රාජකීය යුවළ ඕස්ට්‍රේලියාව,ෆී ජි, ටොන්ගා සහ නවසීලන්තය යන රටවල දින 16 ක නිල සංචාරයක යෙදීමට නියමිතව ඇත.
CATEGORIES