‘ට්‍රාන්ස්ෆෝමර්ස්’ චිත්‍රපට මාලාවේ 06 වැන්න ‌දෙසැම්බරයේ…

‘ට්‍රාන්ස්ෆෝමර්ස්’ චිත්‍රපට මාලාවේ 06 වැන්න ‌දෙසැම්බරයේ…

ලෝක ප්‍රසිද්ධ වූ ‘ට්‍රාන්ස්ෆෝමර්ස්’ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය එළැඹෙන නත්තලයේ දී ලොවපුරා තිරගත වීමට නියමිතව ඇත.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වී ඇත්තේ ‘ට්‍රාන්ස්ෆෝමර්ස්’ චිත්‍රපට මාලවේ අතිශය ජනප්‍රිය වූ ‘බම්බල්බී’ රෝබෝය.
මේ දක්වා ‘ට්‍රාන්ස්ෆෝමර්ස්’ චිත්‍රපට 05 ක් නිර්මාණය වී ඇති අතර, එම චිත්‍රපට නිෂ්පාදනය සඳහා වියදම් වූ මුදලකට වඩා අඩු මුදලකින් මෙම ‘බම්බල්බී’ චිත්‍රපටය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
ජනප්‍රිය රෙස්ලින් ක්‍රීඩකයෙකු ජෝන් සීනා, ඇමෙරිකානු යොවුන් ගායන ශිල්පිනියක් වන හාලී ස්ටැන්ෆිල්ඩ්ද මෙහි රංගනයෙන් දායක වෙයි.
දැනට එහි වියදම පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවා තිබෙන බව සඳහන් වේ.