හිමාලය තරණයට ‌‌ගොස් හිම කුණාටුවට හසුවූවන්ගේ මළ සිරුරු සොයාගනී…

හිමාලය තරණයට ‌‌ගොස් හිම කුණාටුවට හසුවූවන්ගේ මළ සිරුරු සොයාගනී…

නේපාලයේ හිමාල කන්ද තරණයට ගිය කඳු නගින්නන් 05 දෙනෙකු සහ ඔවුන්ගේ සහායට ගිය නේපාල ජාතික ෂර්පාවරු 04 දෙනෙකු හිම කුණාටුවකට හසුවී ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගිය පිරිසගේ මළ සිරුරු මේ වන විට රැගෙන ඒමට හැකියාව ලැබී ඇත.
නේපාල බලධාරීන් පවසන්නේ පොළොව මට්ටමින් මීටර් 7,193 ක් උස ගුර්ජා කඳුකරය ආශ්‍රිත කඳවුරක තිබියදී ඔවුන්ගේ මළ සිරුරු හමුවුණු බවයි.
පසුගිය සිකුරාදා ඇති වූ මෙම දරුණු හිමකුණාටුව හේතුවෙන් මොවුන්ගේ අස්ථි බිඳීම්, හිසට සිදුවූ තුවාල ආදිය දැකගැනීමට හැකිවූ බවද බළධාරීන් පවසයි.
නේපාලයේ කඳු තරණයන් සම්බන්ධයෙන් වසර 02 ක කාලය ඇතුළත දී වාර්තා වුණු දරුණුතම සිදුවීමක් ලෙස මෙය සැලකෙයි.
මෙම අනතුරින් පසුව මළ සිරුරු හෙලිකොප්ටර් ආධාරයෙන් ලබාගැනීමට උත්සාහ කළත් පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ඒ වෙත ගොඩබැසීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට හැකියාව ලැබී නැත.