ලොව දීර්ඝතම අඛණ්ඩ ගුවන් ගමන අද සිට ඇරඹෙයි…

ලොව දීර්ඝතම අඛණ්ඩ ගුවන් ගමන අද සිට ඇරඹෙයි…

ලොව දීර්ඝතම අඛණ්ඩ ගුවන් ගමන අද (11) සිට ආරම්භ වීමට නියමිතය.
සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ආරම්භවන මේ දීර්ඝ ගුවන් ගමන අවසාන වන්නේ සිංගප්පූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන්.
එම ගුවන් ගමනට පැය 18 යි විනාඩි 25 ක කාලයක් ගතවන අතර අද සිට දෛනිකව සිදු කරන මෙම ගුවන් වාරයේ සමස්ත දුර කිලෝමීටර් 15 දහස් 344 ක්.
මීට කලකට ඉහතදී ද සිංගප්පූරු ගුවන් සේවය විසින් සිංගප්පූරුව සහ නිව්යෝර්ක් අතර නොනවතින ගමන් වාරයක් ක්‍රියාත්මක කලද වසර 05 කට ඉහතදී එය අතහැර දැමුණේ අධික පිරිවැය හේතුවෙන්.