විදුලි සැර වැදීමෙන් “කූපර්” ජීවිතක්ෂයට…

විදුලි සැර වැදීමෙන් “කූපර්” ජීවිතක්ෂයට…

අද (10) පෙරවරුවේ විදුලි සැර වැදීමකින් සිදුවූ අනතුරකින් වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලිසියට අනුයුක්තව සේවය කළ වයස අවුරුදු දෙකහාමාරක් පමණ වයසැති කූපර් නැමැති නිල සුනඛයා ජීවිතක්ෂයට පත්ව ඇත.
ව්‍යයාම සඳහා රැගෙන යන අවස්ථාවේ පොලිස් ක්‍රීඩාංගනයේ සිදුවූ විදුලි කාන්දුවීමකින් සුනඛයාට විදුලිය වැදී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ සුනඛයාගේ භාරකරු වන පොලිස් කොස්තාපල් 30018 උදයකුමාර නැමැති නිලධාරියා සුනඛයා බේරා ගැනීමට උත්සහ දරා ඇති අතර එහිදී ඔහු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ඉරට්ටපෙරියකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.